ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සුරක්ෂිතව සිදු කිරීමට නවීන තාක්ෂනය සහ දක්ෂ අක්ෂි විශේෂඥය වෛද්‍යවරයෙකුට පුළුවන.
එහෙත් බොහෝදෙනා සැත්කමට බියවේ. මේ නිසා ඇතම්විට හදවතේ ස්පන්දනය වැඩි වීම, වමනයට එන ගතිය, බඩ දැවිල්ල, හුස්මගැනීමේ අපහසුව සහ නින්ද නොයෑම ඇතැම් විට ඇතිවිය හැක.
පහත දැක්වෙන්නේ සැත්කමට ඇති බිය අඩු කරගැනීමට උපකාරී වන උපක්‍රම නමයකි.

1. සැත්කමේ ඇති හොඳ දේ පිළිබඳව සිතන්න

ඔබේ පෙනීම ලබා ගැනීමට විනාඩි කිහිපයක් සංයමයෙන් සිටින බව සිතන්න. එය ඉතා කෙටි කාලයකි.

2. ඔබේ සැත්කම පිළිබඳව සියළු දේ දැනගන්න.

එමෙන්ම කලින් මේ සැත්කමට මුහුණ දුන් අයගෙන් ඔවුන්ගේ අත්දැකීම් අසා දැනගන්න. දැනුම ඔබේ ආතතිය අඩුකරයි.

3. ඔබේ සියලු ප්‍රශ්න ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.
මන්දයත් ඔබේ වෛද්‍යවරයා මේ පිළිබඳව වඩාත් දැනුවත් විශේෂඥය වෛද්‍යවරයා යි.

4. අවසාන ප්‍රතිඵලය ගැන සිතන්න.
එමගින් ඔබේ පෙනීම ලැබෙන බැවින් ඔබට සතුටක් ගෙනදෙනු ඇත

5. භාවනාව මගින් ද ඔබේ මනස ඒකාග්‍ර කරයි

6. ඔබ කැමති පානයක් බොන්න

7. ඔබට සතුට ගෙන දෙන දෙයක යෙදෙන්න

8. සැත්කමට ප්‍රථම දින ඔබට සතුට ගෙනදෙන දෙයක් මිලදී ගන්න

9. රෝහලේ දී ඔබ කැමති සින්දුවක් ඇසීමට පුළුවන

Cataract vs Norma

නිර්වින්දනය පිළිබඳව දැනගන්න !

ඔබේ නිර්වින්දන වෛද්‍යවරයා  සැත්කමට සුළු මොහොතකට ප්‍රථම 

ඔබ හමුවනවා ඇත.

ඔහු නිර්වින්දනය පිලිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකි. ඔහුට ඔබගේ පසුගිය රෝගී වාර්තා ගැන පවසන්න. කලින් කරනලද සැත්කම් පිළිබඳව, අසාත්මිකතා පිළිබඳව සහ අනෙකුත් ඔබ වැදගත් ලෙස සලකන සියලු තොරතුරු පවසන්න. එමෙන්ම ඔබට ඇති ගැටළු ඔහුගෙන් අසන්න.

නිර්වින්දන  වෛද්‍යවරයාගේ කාර්‍යය 

සැත්කම අතරතුර ඔබට වේදනාවක් නොමැතිව ඔබව සුවපහසු ලෙස තබා ගනියි. ඔබේ ආරක්ෂාව සහ සැත්කමෙන් පසු වේදනාව නැතිකිරීම, වමනය නැතිකිරීම ද ඔහු විසින් සිදුකරයි.

ඔබට මීට පෙර නිර්වින්දනයේදී ඇති වුන සංකුලතා ඇතිනම් නොසඟවා පවසන්න.

රෝගියා සැත්කම සඳහා සුදානම් කිරීම 

දැනට ඔබ ලබාගන්න බෙහෙත් පිළිබද තුන්ඩු සහ විස්තර ගෙනවිත් පෙන්නන්න. ඔබ ලබාගන්න බෙහෙත් පිළිබඳව දන සිටීම නිර්වින්දන කාර්යයේදී වැදගත් වේ.

ඔබ දැනට ගන්න බෙහෙත් එලෙසම පාවිච්චි කරන්න. ලේ කැටි ගැසීම වලක්වන බෙහෙත් නැවැත්වීමට අවශ්‍ය නම් වෛද්‍යවරයා ඔබට පවසනු ඇත. නිරාහාරව සිටියත් පෙති හෝ කරල් ගැනීමේදී වතුර ස්වල්පයක් බීම ගැටලුවක් නොවේ.

නිරාහාරව සිටීම අත්‍යවශ්‍යද ?

ඔවි ! නිර්වින්දනය වූ විට ආමාශයේ ඇති අහාර පෙනහළු ඇතුලට ගොස් ඔබේ ජීවිතයට අනතුරක් වීමට පවා පුළුවන. නිරාහාරව සිටිවිට අමාශයේ ආහාර නොමැති නිසා එවැනි අනතුරක් සිදු නොවේ. සෑම විටම වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.

නිරාහාරව සිටිය යුතු අයුරු,

1. ඝන ආහාර සඳහා පැය 6ක් (chewing gum හෝ ටොෆි ඇතුළුව)

2. මව් කිරි සඳහා පැය 4ක් (එහෙත් අනෙකුත් කිරි සඳහා පැය 6ක්)

3. වතුර සඳහා පැය 2ක් 

සැත්කමෙන් පසු 

නිර්වින්දනයෙන් පසු සුළු වෙලාවකට නිදිමත ගතියක් ඇති වීම සාමාන්‍ය තත්වයකි. උගුරේ අපහසුව, වමනෙට එනගතිය, හිසේ කැක්කුම වැනි අපහසුතා සඳහා ප්‍රතිකාර දෙනුලැබේ. පැය කිහිපයක් යනතුරු කැරකිල්ල, නොපැහැදිලි බව ඇතිවිය හැක. දැනට භාවිතා කරන නවීන නිර්වින්දන යන්ත්‍ර මගින් සහ දියුණු නිරීක්ෂණ ක්‍රම මගින් රෝගියාට අවශ්‍යම ඖෂධ මාත්‍රාව ලබා දී නිර්වින්දනය කල හැකි බැවින් මෙවැනි අතුරු අභාධ අඩුය.   

ගෙදර යෑම 

රෝගය සුවය වූ  පසු සහ වේදනාව නැතිවූ පසු ගෙදර යෑමට පුළුවන. සාමාන්‍යයෙන් එක්දින සැත්කමක් නම් එදිනම ගෙදර යෑමට පුළුවන. නැතිනම් දිනකට හෝ දෙකකට පසු ගෙදර යෑමට පුළුවන. 

cataract.vs normaljpg

රජයෙන් ඇස් කාච බෙදා දෙන බව අසන්නට ලැබේ ඒවායේ ඉහත සඳහන් ගැටළු ඇතිවිය හැකිද ?

නොමිලේ අක්ෂි කාච ලබා දීම රජය මඟින් කරන ඉතාම අගය කළ යුතු වටිනා පියවරකි. මෙතෙක් ඒ සඳහා ප්‍රමිතියක් සහිත අතුරු ආබාධ අඩු
හොඳ පෙනුමක් සහිත කාච ලබා ගැනීමට හැකි නම් එය වඩාත් පලදායී වෙයි. ඊට හේතුව සමහර කාච වර්ග නිසා මුල් වියදම අඩු වුවද පසුව ඇතිවන අතුරු ආබාධ නිසා රජයට අමතර වියදමකුත්, රෝගියාට අපහසුවකුත්, වැඩිපුර කාලයක් සහ වියදමක් සිදුවිය හැකි නිසාය. උදාහරණ වශයෙන් මැහුම් දැමීමට සිදුවන කාච මිලෙන් අඩු වුවද මැහුම් කැපීම සඳහා රෝගියා නැවත රෝහලට පැමිණීමට අමතර කාලයතක් ශ්‍රමයතක් වියදමතක් අවශ්‍ය වේ.

මේ හැර ඇස සුවවීමට ගතවන කාලයද වැඩිය. ආසාදන අතුරු ආබාධ වැඩි වේ. සමහර කාච පැලඳු විට මුලින් ගුණ ඇති වුවත් කාචයට පිටුපසින් ඇති පටලය ඝනකම් වීම නිසා කලක් යනවිට පෙනුම අඩු වීමට පටන්ගනී. එවිට සිදු කරන ලේසර් ප්‍රතිකාරය සෑම රෝගයකම නැත එවිට ඒ සඳහා පහසුකම් සහිත රෝහලක් කරා යාමට අමතර වියදමක් දැරීමට සිදු වේ.

මේ හැර නොමිලේ හෝ ලාභදායී කාච පළඳිමේ දී රෝගියා අවධානය යොමු කළ යුතු තවත් කරුණු කීහිපයක් තිබේ, එනම් ශල්‍යකර්මය සිදුකරන සියලුම රජයේ රෝහල්වල සියලු පහසුකම් සම්පූර්ණ වී නැත.

එනම් phaco ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර සමහර රෝහල්වලට සපයන්නේ අක්ෂි කාච ගෙන්වා බෙදාහරින සමාගම් විසිනි. යම් අවස්ථාවක රජය මඟින් කාච නොමිලේ ලබාදුන් විට මෙම සමාගම් එම යන්ත්‍ර රෝහල් වෙත ලබා නොදීමේ තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ නිසා ශල්‍යකර්ම සිදු කරන සියලුම රෝහල්වල pheco යන්ත්‍ර ලබා දීම ගැන මූලික අවධානය යොමු විය යුතු කරුණකි.

මේ සදහා ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය වරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය සහයෝගයෙන් කටයුතුකර මෙවැනි ක්‍රියා කළ යුතුයි. අප රට තුළ ව්‍යාප්ත වී ඇති රජයේ රෝහල්වල සිටින දක්ෂ වෛද්‍යවරුන් යටතේ මේ වනවිට ඉතා සාර්ථකව සිදුකරන මෙම ශල්‍යකර්මය නියම ප්‍රමිතියට අනුව ජීවානුහරණය කරන ලද ශල්‍යාගාරවල ඉතා සියුම් උපකරණ භාවිතයෙන් සිදු කෙරේ.

එහෙත් ඇතැම්විට අක්ෂි ශල්‍ය කර්ම කඳවුරු පවත්වා හදිසියේ තනා ගත් තාවකාලික ශරීරාගාරවල මෙරට හෝ විදේශ රටවලින් පැමිණි සුදුසුකම් ලද හෝ නොලද නිසි ප්‍රමිතියකින් තොරව රෝගීන් එකට ගාල්කොට ඇසට කරන ශල්‍යකර්ම ගැන සෑහීමකට පත්විය නොහැකිය. ඒ සුළු හෝ විෂබීජ යාම, ප්‍රමිතියෙන් තොර වීම මගින් යම් අතුරු ආබාධයක් ඇතිවුවහොත් පසුබිම් විපරම් කිරීම සඳහා මෙම ශල්‍ය වෛද්‍යවරයා නොසිටින නිසාය.

මෙවැනි සැත්කමකට වඩා නිවැරදි ක්‍රමය වන්නේ ප්‍රදේශයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා සමග එකගතාවයකට පැමිණ රෝහල ශල්‍යාගාරයක් තුළ දී ශල්‍යකර්මය සඳහා කාච ලබා දෙමින් අනුග්‍රහය දක්වා වැඩි රෝගීන් පිරිසක් සඳහා සැත්කම් කිරීමය. එවිට පසුවිපරම ද වඩාත් සාර්ථක වේ. මෙවැනි දේ ගැන තම ජීවිතය හා සමානව රැකගත යුතු දෑසට පෙනුම ගෙන දෙන සැත්කම් කිරීමේ දී රෝගීන් සැලකිලිමත් විය යුතු බව පැවසිය යුතුයි.

සුද සැත්කමෙන් පසු ප්‍රවේශම් වන්නේ කෙසේද ?

ශල්‍යකර්මයෙන් පසු වැදගත්ම දෙය වන්නේ ඇසට බෙහෙත් බිංදු දැමීමය. බොහෝ විට බෙහෙත් වර්ග දෙකක් හෝ තුනක් ඇසට දැමීමට නියම කරයි. එක වර්ගයකින් බින්දුවක් දමා විනාඩි 10 ක කාල පරාසයකින් පසුව අනෙක් වර්ගය දැමිය යුතුය. එසේ නොකළහොත් මුල් බෙහෙත උරා ගැනීමට පෙර දෙවැනි බෙහෙත් මගින් එය සෝදා හැරීමක් සිදු වේ.  මෙම බෙහෙත් දැමීම කාලසටහනකට අනුව වෛද්‍ය උපදෙස් මත නිසි වේලාවක් අනුව කළ යුතු ය.

මීට අමතරව ඇසට දූවිලි වැනි අපද්‍රව්‍ය  ඇතුළු නොවන ලෙසට වගබලා ගත යුතුය. විශේෂයෙන් ඇසට වන අනතුරු, කුඩා දරුවන්ගේ අත් වැදිම්, බෝල වැදීම, බස් රථයේ දී වැලමිට වැදීම වැනි අනතුරු අවම කරගත යුතුය.  
මුහුණ සේදීම සාමාන්‍ය පරිදි සැත්කම කළ දිනට පසු දින සිට කලහැකි ය. එහෙත් ඇස තුළට සබන් වැනි ද්‍රව්‍ය  ඇතුළු වීම සුදුසු නැත.
සැත්කම කර දින තුනකට (3) පසුව දිය නෑම සුදුසුය.

ඇස සෙලවීම, බිම බැලීම, සාමාන්‍ය පරිදි නිදා ගැනීම ප්‍රශ්නයක් නැත. විශාල බර එසවීම, වත්තේ වැඩ කිරීම, අතුගෑම, අධික රස්නය ඇති ගින්දර වලට නිරාවරණය වීම මාසයක් පමණ කාලයක් තුළ නොකර සිටීම අවශ්‍යයි.

සාමාන්‍ය වැඩකටයුතු එනම් රූපවාහිනිය නැරඹීම, පුවත්පත් කියවීම, වාහන පැදවීම, මුළුතැන්ගෙයි සාමාන්‍ය වැඩ කටයුතු කිරීම අපහසුතාවයක් නැත්නම් ක්‍රමයෙන් ආරම්භ කළ හැකිය.

එහෙත් එක් එක් රෝගියාගේ තත්ත්වය අනුව මේ කරුණු වෙනස් විය හැකිය.

වාහන පැදවීමේදී දූවිලි නොයන සේ වායුසමනය කල වාහනයක් පැදවීම සුදුසුය. ඒ හැර දූවිලි සහිතව දැඩි අපහසුතා මැද වාහන පැදවීම සැත්කමින් පසු මාසයකින් පමණ ආරම්භ කළ හැක. තම රැකියාව රියදුරු වෘත්තිය වැනි අයට වැදගත් උපදෙසකි.

රැකියාවක් කරන අයව සාමාන්‍යයෙන් සති දෙකක් පමණ නිවාඩු ලබාගැනීම ඇසට විවේකයක් ලබා දීම සඳහා මෙන්ම බෙහෙත් නිවැරදිව දමා ගැනීමට ඉතා ම වැදගත් වේ.

සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා පහසුකම් තිබෙන්නේ කොහෙද ?

රජයේ රෝහල්වල මේ සඳහා විශේෂ පුහුණුවලත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්, පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් සහ ඒ සඳහා විශේෂයෙන් සෑදූ ශල්‍යාගාර ද තිබේ.
ප්‍රධාන පෞද්ගලික රෝහල්වල ද සුදුසුකම් ලත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරු යටතේ මෙම සැත්කම සිදු කෙරේ.

ඇතැම් විට විශාල රෝගීන් සංඛ්‍යාවක් එකතු කොට පවත්වන ශල්‍ය කඳවුරු වලදී තාවකාලිකව ශල්‍ය කාමර සකසා මෙම සැත්කම සිදු කරයි. යහපත් අරමුණින් සිදු කළ ද ඇතැම් විට මෙම ශල්‍ය කඳවුරුවල සිදුකරන ශල්‍යකර්ම වල අතුරු ආබාධ ප්‍රතිශතය වැඩිය. මෙවැනි රෝගීන්   අතුරු ආබාධ සහිතව රජයේ රෝහල්වලට පැමිණෙන අවස්ථා බහුලව දක්නට ලැබෙන නිසාය.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ මොනවාද ?
අතුරු ආබාධ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සැත්කම කර පළමු මාසයේය.

විෂබීජ ඇතුළුවීම නිසා ආසාදන ඇතිවීම භයානකම අතුරු ආබාධ යයි. ඇසේ ඇතිවන වේදනාව, ඇස රතුවීම, කඳුළු ගැලීම සහ පෙනුම අඩුවීම මුල් රෝග ලක්ෂණවේ. සැත්කමින් පසු මෙවැනි ගැටලු ඇති වුවහොත් වහාම ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර ගත යුතුය.

ඇසේ ඇතිවන ප්‍රදාහ තත්ත්වය ද තවත් රෝග ලක්ෂණයකි. මේ සඳහා මුල් අවස්ථාවේම ප්‍රතිකාර ගත යුතුය. එවිට රෝග තත්ත්වය පාලනය කළ හැකිය.

ඇසේ පීඩනය වැඩිවීම තවත් අතුරු ආබාධයකි. මේ නිසා ඇසේ වේදනාව ඇතිවිය හැකිය. මේ සඳහා පරීක්ෂණ කිරීමකින් පසු නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

සැත්කමින් පසු රෝගියාගේ ඇස් රතුවීම, වේදනාව, පෙනුම අඩුවීම ඇත්නම් වහාම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා හමුවිය යුතුය.

සමහරුන්ට සැත්කමින් මාස කිහිපයකට පසු පෙනුම අඩු විය හැකිය. කාච සිවියේ ඝනවීමක් නිසා සිදුවන්නකි. ලේසර් ප්‍රතිකාර මඟින් නිවැරැදි කරගත හැකිය.

ඇසේ සුද රෝග තත්ත්වය අවම කර ගැනීමට යහපත් සෞඛ්‍ය පුරුදු, නිවැරදි ආහාර රටාව සහ නිදන්ගත රෝග පාලනය ඉතා වැදගත් වේ. ඇසේ සුද ඇති වූ විට ඒ සඳහා සුදුසුකම් ලත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු ලවා අවශ්‍ය ප්‍රතිකාරය වන සුද ඉවත් කිරිම සහ අක්ෂි කාච දැමීම සැත්කම මගින් පෙනීම නැවත ලබා ගැනීමට පුළුවන.

cataract-surgery-3MD

සැත්කමෙන් පසු පලමු දිනය ඉතා විවේකයෙන් සිටිය යුතුමය.

සැත්කමේදී භාවිතා කළ නිර්වින්දන ක්‍රම සහ ඖෂධ වර්ග හේතුවෙන් ශරීරයට යම් අපහසු බවක් ඇතිවිය හැකි වුවද දිනකට පසු එම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහව යයි. ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු අතර ඒ දිනයේ ඔබේ පහසුව සඳහා කෙනෙකු ළඟ සිටිය යුතුය.

සැත්කමින් පසු දින සිට දින තුනක් දක්වා රෝහලේ සිටිය යුතු වුවද නිවසේදී පහසුකම් සලසා ගත හැකිනම් නිවසට යා හැකිය.

සැත්කමින් පසු පලමු සතිය තුල අධික මහන්සිය දනවන කාර්ය වලින් ඔබ සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටිය යුතුය. බර එසවීම, මල බද්ධය නිසා ඇතිවන තැටමීම නිසාද ඇසේ රුධිර නාලවලට වැඩි පීඩනයක් ඇතිවිය හැකිය. පීඩනය වැඩිවන ක්‍රියාවලින් වැළකී සිටිය යුතු අතරම ස්නානයේදී ද ඉතා සෙමින් ක්‍රමයෙන් එය කළ යුතු බව මතක තබාගන්න.
හිස තදින් ගැසීම සිදු නොකළ යුතු අතර කිසිවිටෙක ඇස පොඩි කිරීම යෝග්‍ය නැත. තමන් නොදැනුවත්ව එසේ වේ යැයි සිතේ නම් නින්දට යාමට පෙර පිරිසිදු රෙදි කැබැල්ලක් වැනි දෑකින් ඇස හොඳින් වසා තබන්න. නිදා ගන්නා විට ඇස තදවී පීඩනය වැඩිවන පරිදි මුහුණ යට අතට නිදා ගැනීමෙන් වලකින්න. දුර ගමන් යාමෙන් මෙන්ම ජනාකීර්ණ ස්ථානවල බොහෝ වේලා රැදී සිටීම සුදුසු නොවේ.

සාමාන්‍යයෙන් සැත්කම සිදුකළ අලුත වටපිටාවේ පවතින දෑවල වර්ණයෙහි වෙනසක් ඔඛට දකින්නට ලැබේ.
එය සාමාන්‍ය තත්ත්වයක් වන අතර ක්‍රමයෙන් ඇස ඊට හුරු වේ.

ඇස කැසීම, වේදනාව සහ වෙනත් අපහසුතා ද ඇතිවිය හැකිය. මැහුම් කැබලි වලින් සහ තුවාලය සුව වීමේදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. පොත්, පුවත්පත් කියවීමේ දී හිසේ වේදනාවක් දැනුන හොත් ඉන් මදකට ඉවත් වන්න. රූපවාහිනිය නැරඹීමෙන් හානියක් සිදු නොවේ.

ස්නානය කිරීමේදී හිසට ෂැම්පු (shampoo) ගැල්වීම දින තුනකට (3) පසුව කළ හැකි නමුදු ඔලුව තදින් පිරිමැදීම නොකළ යුතුවේ. තවද හිස සෝදා හැරීමෙන් ෂැම්පු හෝ සබන් මිශ්‍රව තුළ ඇසට නොවැටීමට වගබලා ගත යුතුය. ඇස පහළට හේලීම සිදු නොකළ යුතු අතර අඩුම වශයෙන් සතියක් වත් පරිස්සම් විය යුතුය.

කල්යත්ම සමහර අවස්ථා වලදී ඇස් පිහාටු මත පොතු වැනි ද්‍රව්‍ය රැඳී තිබිය හැකිය. පිරිසිදු පුළුන් කැබැල්ලක් මගින් උණුසුම් ජලයෙන් ප්‍රවේශමෙන් සෝදා හරින්න. දිනපතා කළ ද හානියක් නොවන්නට වග බලා ගත යුතුය.

සැත්කම සිදු කර සතියක් ගත වූවාට පසු ඔබගේ එදිනෙදා සාමාන්‍ය කටයුතුවලට ක්‍රමයෙන් හුරු වන්න. මාස තුනක් යන තුරුවත් කය වෙහෙසා කෙරෙන කාර්යය වලින් ඈත්ව සිටින්න.

සුවය ලැබීම ක්‍රමයෙන් සිදු වන්නාක් මෙන්ම එය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වේ. වේදනාව, දෙදෙනෙකු මෙන් පෙනීම සති කිහිපයක් යනතුරු ඇතිවිය හැකිය. පැහැදිලි පෙනීම ඇති පුද්ගලයකුට සමහර දිනවලදී පෙනීම බොඳ වී පෙනෙන්නට පුළුවන. එය සාමාන්‍ය තත්ත්වයකි.

සැත්කම සිදුකර සති අටක් දහයක් (සති 8-10) ගත වෙද්දී කන්නාඩි සඳහා පරික්ෂා කල හැකිය. කන්නාඩි භාවිතයේදි පෙනීම පැහැදිලි වනවා මෙන්ම ඔබ දකින දේ වර්ණවත් බව වැඩිවන වැඩිපුර නිල් පැහැයක් පෙනේ. එය සාමාන්‍ය දෙයකි. වරින් වර කන්නාඩි වෙනස් කිරීමටද සිදුවේ. කෙසේ වෙතත් සැත්කමින් සම්පූර්ණ සුවය ලැබීමට නම් මාස කිහිපයක් ගත වේ.

සැත්කමෙන් වසර ගණනකට පසු ඔබට පරිස්සම් විය යුතු අන්දම අමතක වී යා හැකිය. එහෙත් කිසිම දිනක ඇස මතක දැඩි පීඩනයක් එල්ල කරමින් ඇස පොඩි කිරීම නොකළ යුතුමය.

සැත්කමෙන් පසු අක්ෂි වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථා.
1. දිනපතාම ඇස් පිහාටු සෝදා හැරිය ද ඇලෙනසුලු ස්වභාවය දිගටම පැවතීම.
2. හදිසියේම ඉතාම තදින් බොඳ වීම, පෙනීම නැති වීම.
3. සමහර විට ඇස් කැවෙන ගතියක් තිබිය හැක. බොහෝ දුරට මැහුම් කැබලි එම නිසා විය හැකිය. අක්ෂි වෛද්‍යවරයකු හමුවී එය ඉවත් කර ගැනීමෙන් ඔබේ අපහසුතා ගතිය නැතිවේ.
4. කාලෙකට පසුව ඇසෙහි රතු වීමක් හෝ පෙනුනේ බොඳ වීමක් ඇති වීම.

සමහර විට මේ තත්ත්වයන් සැත්කමට අදාළ නොවන දෙයක් ද විය හැකිය. එහෙත් කල්යත්ම ක්‍රමයෙන් පෙනීම දුර්වල විය හැකියි. එසේම ඔබගේ ඇසෙන් ඉවත් කළ කාචයේ සිවිය තවමත් එසේ තිබීමෙන් එය ඝන වීමෙන් මෙසේ විය හැකියි. මෙහි දී අක්ෂි වෛද්‍යවරයා හමුවී කුඩා සැත්කමකින් නැවත පෙනීම දියුණු කරගත හැකිය.

a

අත්දැකීම් සපිරි වෛද්‍ය කණ්ඩායමක්
අත්දැකීම් සපිරි වෛද්‍ය කණ්ඩායමක්
සැත්කමට බිය විය යුතු නැත
සැත්කමට බිය විය යුතු නැත
පැය 24 පුරාවටම කැපවූ සේවය
පැය 24 පුරාවටම කැපවූ සේවය
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි
උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි