දියවැඩියාව ඔබේ පෙනීම අඩු කරන හැටි 

දියවැඩියාව යනු කුමක්ද ?

දියවැඩියාව යනු රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමයි. මෙමඟින් ශරීරයේ බොහෝ ඉන්දියයන්ට අහිතකර බලපෑම් ඇති කරයි. ඇස, වකුගඩු, හෘදය සහ ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් හානියට පත්වේ.රැකියා කරන වයස් සීමාව තුල සිටින අයට ඇතිවන අන්ධභාවයට වැඩිපුරම හේතු වන්නේ දියවැඩියාවයි.

Diabetic-Retinopathy 2

 

දියවැඩියාව ඔබේ පෙනීමට බලපාන්නේ කෙසේද ?

රුධිර සීනි මට්ටම පාලනය වී නොමැති විට එයට අනුරූපව ඇසේ පෙනීම අඩු වැඩි වේ. එමනිසා දියවැඩියා රෝගීන්ට කන්නාඩි සඳහා පරික්ෂා කරන්නේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට පත් කිරීමෙන් පසුවයි. දියවැඩියාව පාලනය කළ යුත්තේ පහත සඳහන් තත්ත්වයන් වළක්වා ගැනීමටයි.

1. අඩු වයසින් සුද (Cataract) මතුවීම.

2. පෙනීම සඳහා ඉතාම වැදගත් වන ඇස තුළ ඇති දෘෂ්ටි විතානය නම් පටලය විනාශ වීම. (Diabetic retinopathy) 

3. ඇස තුළ ලේ ගැලීම් ඇති වීම (Retinal haemorrage)

4. ඇසට සම්බන්ධ ස්නායු අක්‍රිය වීම නිසා එක දෙක වී පෙනීම (Double vision)

Glare in cataract patients
shutterstock_233707423
eye_examination
Cataract vs Norma

දෘෂ්ටි විතානය විනාශ වීම (Diabetic Retinopathy) පෙනීමට බලපාන්නේ කෙසේද ?

කාචය හරහා ඇස තුල ඇති  දෘෂ්ටි විතානයට වැටෙන චායා මගින් පෙනීම ලැබේ. දෘෂ්ටි විතානය විනාශ වීම රෝගියා සම්පූර්ණ අන්ධභාවයට පත් කළ හැකි ඉතාම භයානක තත්වයකි. නමුත් මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අන්ධ භාවයට පත්වීම වලක්වාගත හැක. 

දියවැඩියාව නිසා ඇසට සිදුවන හානිය මුල් අවධියේදී හඳුනා ගන්නේ කෙසේද ?

දෘෂ්ටි විතානයේ ඇති සියුම් ලේ නහර වල සිදුවන වෙනස්වීම් නිසා ඉතා සියුම් ලේ ගැලීම්, කාන්දු වීම් සහ ඉදිමුම එම පටලයේ ඇතිවේ. නමුත් මෙම අවස්ථාවේදී බොහෝ විට රෝගියාට කිසියම් පෙනීමේ වෙනසක් දැනෙන්නේ නැත. සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරික්ෂා කිරීමෙන් රෝග තත්ත්වය හඳුනාගත හැක. ඒ හා සම්බන්ධ අනෙකුත් රෝග තත්ත්වයන් පාලනය කිරීමෙන් හා ලේසර් ප්‍රතිකාර කිරීම මගින් පෙනීම දුර්වලවීම මැඩ පැවැත්විය හැක.

Cataract removal
Diabetic retinopathy family

ප්‍රතිකාර නොකලොත් ඇසට සිදුවන්නේ කුමක් ද ?

දෘෂ්ටි විතානයේ ඇති සියුම් ලේ නහර අවහිර වීම නිසා පෙනුම අඩු වීම සිදු වේ. තව ද ඒ සමඟම අසාමාන්‍ය ලේ නහර වර්ධනය ද සිදු වේ. එම නහර වලින් ඇස තුළ ඇති අම්මය රසය නම් වූ ජේලයට (Vitreous humour) සිදුවන රුධිර වහනය නිසා අන්ධ විය හැක. එම අවධියේ ඇතිවන සංකූලතා නිසා අවසානයේදී දෘෂ්ටි විතානය අනෙකුත් පටලවලින් ගැලවී යාමක් ( Retinal detachment) සිදුවේ.

මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවාද ?

විශාල මට්ටමේ ශල්‍යකර්ම සිදු කළ ද ප්‍රථිඵලය මුල් අවධියේ දී එතරම් සතුටුදායක නොවේ. මිල අධික එන්නත් ඇස තුළට ලබාදීම සහ ලේසර් මගින් ප්‍රතිකාර කල හැක. 

MoS2 Template Master

මෙම භයානක තත්ත්වය ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද ?

ඔබ දියවැඩියා රෝගියකු ලෙස හඳුනාගත් විගසම සුදුසුකම් ලත් අක්‍ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කරවා ගන්න.

මෙම පරීක්ෂණයේදී දියර ඖෂධ ඇසට දමා ඇසේ කණිනිකාව (ඇසේ බබා) විශාල කොට ඇසේ ඇතුළත කොටස්  පරික්ෂා කරනු ලැබේ. 

ඉන්පසු සෑම වසරකටම වරක් වත් නැවත එම අක්‍ෂි පරික්ෂාව සඳහා යොමුවන්න.

අසතුටුදායක රුධිර සීනි පාලනය, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, වකුගඩු රෝග, රක්ත හීනතාව වැනි රෝග වලට ප්‍රතිකාර කල යුතුය.  ඖෂධ හා ආහාර පාලනය  මගින් රුධිරයේ සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගන්න ( (Fasting Blood Sugar 110mg/dl ). කායික වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඒ හා සම්බන්ධ අනෙකුත් රෝග තත්ත්ව පාලනය කරගන්න. 

ඇස් පරික්ෂාවට එන විට තනියම ආවාට කමක් නැද්ද ?

ඇසට ඖෂධ දමා ඇසේ කණිනිකාව (ඇසේ බබා) විශාල කරන නිසා පැය කිහිපයක්  යනතුරු කණිනිකාව නැවත යතා තත්ත්වයට පත්නොවේ.  මේ නිසා ඇස් පරීක්ෂාවෙන් පසු, පැය කිහිපයක් යනතුරු හිරු එළිය බැලීමට අපහසු වේ. රෝගියාට ඇස් ඇරගෙන සිටීමට නොහැකි නිසා ඇස් පරික්‍ෂා කිරීමට පැමිණෙන විට නොවරදවාම ඔබගේ සහයට තව කෙනෙකු කැඳවාගෙන එන්න. 

eye_examination
together

මෙය වැලක්වා ගන්නේ කෙසේද ?

දුම්පානයෙන් වැලකීම, ක්‍රමානුකූලව ව්‍යායාම කිරීම, ස්ථුලතාවය පාලනය කිරිම මගින් රෝග තත්ත්වය පාලනය කර ගත හැක.